එක්ස්පී මියයයි


Windows XP සමුගනි





                       ඉතිං බුදු ෆිට්ලා තොහොමද… මං අද කියන්න යන්නෙ ඔයගොල්ලො හුගකට වැදගත් වන දෙයක්. OS(Operating System)  ගැන උනන්දුවක් දක්වන අය නම් දන්නවා මං මොකක්ද කියන්න යන්නෙ කියලාමං කියන්න යන්නෙ වින්ඩෝස් එක්ස්පී අත්හරින්න කියලා මයික්‍රො‍සොෆ්ට් ආයතනය කළ නිවේදනය ගැන. ලංකාවේ හුගක් කොල්ලන්ගේ හිතට අල්ලපුම OS එක වින්ඩෝස් එක්ස්පීනේ(හැබැයි ඕං මම නං නෙමෙයි) .මොකද එක්ස්පී වල ඕන පරණ ගේමක් ප්ලේ වෙනවනේ අද ලෝකයේ  පාවිච්චි කරන OS වල ප්‍රතිශතයක් ගත්තොත් තියෙන්නේ 92% ම වින්ඩෝස්නේ. ඒකෙනුත් 39% තියෙන්නේ වින්ඩෝස් එක්ස්පීනේ. ඉතිං මෙච්චර ගොඩක් පාවිච්චි කරන වින්ඩෝස් එක්ස්පී අතෑරලා දාන්නේ මොන කෙහෙල්මලකටද කියලා ඔයාලා හිතනවා ඇතිනේද ඔවුන් එහෙම කරන්නේ වින්ඩෝස්
7 හා වින්ඩෝස් 8 වෙත XP භාවිතා කරන්නන් ගෙන්වා ගන්න. ඔවුන් වින්ඩෝස් 7 ආ  විගසම(2009 අප්‍රේල්  14 සිට) XP වෙත දුන් සහය අඩු කලේ 7 ජනතාවට හුරු කරන්නයි  ඒත් ඒකෙන් හිතුව තරම් ප්‍රතිළුල ලැබුණේ නැති නිසා 2014 අප්‍රේල් 8 වෙනිදා ඉදලා XP සම්පූර්ණයෙන්ම අතෑරලා දාන්න මයික්‍රොසොෆ්ට් තීරණය කරලා(අනේ කාලේ වනේ වාසේ).
මේකනේ ඉතිං අවුල තියෙන්නේ මයික්‍රො‍සොෆ්ට් එක වින්ඩෝස් එක්ස්පී අතෑර දැම්මා කියන්නේ  අපිට වෙන්නේ බෙල්ල ගහලා යන වැඩක්නෙ වයිරස් ඇටෑක් කරනකොට ඒවායින් බේරෙන්න ප්‍රෝග්‍රෑම්ස් හදන එක නැවතෙනවනේ එතකොට ඉතිං වයිරස් ගාඩ් 10ක් දැම්මත් වැඩක් වෙන්නෙ නෑ. ඒවාට අපිව රකින්න බැරි වෙනවා ඒ වගේම ඉස්සරහට එන සොෆ්ට්වැයර්  දෘඩාංග(Mouse, Webcam,Printers 
ect.) එක්ස්පී වල වැඩ කරන්නේ නැති වෙනවා ඉතිං වැඩේ බරපතලකම තේරෙනවනේ. දැන් ඉතිං කරන්න තියෙන්නේ අවු: 12 කට කලින් ආපු හචිකබල්  XP ලොඩ්ඩෙන් 7 හරි 8 වලට හරි මාරු වෙන එකයි(XP පැමිණෙන්නේ 2001 ඔක්තෝම්බර් 25 වනදා සිටයි). එහෙනම් මං කැපුනා ඔබට ජයෙන් ජය!

Comments


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget