වින්ඩෝස් 8 ඇප්ස් ලක්ෂය ඉක්මවයි


                                            වින්ඩෝස් ඇප්ලිකේෂන් හෙවත් ඇප්ස්ය... වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියෙන් ඉදිරිපත් කර තිබෙන ගුණාංග වලට අමතරව තව තවත් කුඩා වැඩසටහන් යොදාගෙන අලුත් අලුත් ගුණාංග මෙහෙයුම් පද්ධතියට එක් කිරීම තමයි ඇප්ස් වලින් කරන්නේ...උදාහරණ ලෙස ඇන්ඩ්‍රොයිට් ඇප්ස් මෙනි...
     හායි හායි ඉතිං කොහොමද... මේ පෝස්ට් එකක් දාන්නේ මාස ගාණකට පස්සේ... කොහෙද විභාග හින්දා හුස්ම වෙලාවක් නෑනේ...ඔක්කොම දන්න දෙයක් නේ වින්ඩෝස් එයිට් OS එක අනිත් ඒවාට වඩා ඉස්සරහට ආපු එකක්නේ. මොකද ඉතිං ඒකට හේතු වුනේ

                                                            පසුගිය ජූලි 2වෙන්දා ඇප්ස්ටෝර් වෙබ් අඩවියේ තියෙන ඇප්ස් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියා. දැන් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියෙන් අමතර ප්‍රයෝජන ගැනීමට ඇති හැකියාව ලක්ෂ වාරයකින් ඉහළ ගොස් ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.
ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ වින්ඩෝස් 8 නිකුත් තරන විට ඇප් ස්ටෝර්හි තිබුණේ ඇප් සියගණනක් පමණි... මෙය මාස 8 වැනි සුළු කාලයක් තුළ ලක්ෂය ඉක්මවා යාම ඉතා හොදය... මොකද වින්ඩෝස් ෆෝන් ස්ටෝර්හි තිබෙන ඇප්ස් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන්නට මාස 18 ක් ගත වුණි... ගූගල් ප්ලේහි ඇප්ස් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීමට මාස 18 ක් ගත වුණි. ඇපල් ඇප් ස්ටෝර්හි ලක්ෂය පන්නා ගියේ මාස 16 කිනි.ඒ අතින් බලන විට වින්ඩෝස් 8 බෝවීම ඉතා හොදය...

                                                     දැනට ලොව තිබෙන සියලුම පරිගණක වලින් 91.51%  ක්‍රියාත්මත වන්නේ කුමන හෝ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකිනි. ඒ අතරින් 44.37% තිබෙන්නේ වින්ඩෝස් 7ය. 37.17% තියෙන්නේ වින්ඩෝස් XP ය. 4.62%ක් තියෙන්නේ වින්ඩෝස් විස්ටාය. වින්ඩෝස් 8 ඇත්තේ 5.1% පමණි... එනම් තවම 8 එතරම් ජනප්‍රිය නැත...

  කොහොමද පෝස්ට් එක... හොදනම් බලල නිකම් යන්න එපා.කොමෙන්ට් එකක් දාලා like එකක් දාලා යන්න...
comments