CoolNovo

                                                                                                                                                                                                                                                        දැන් ලෝකයේ ප්‍රමුඛ වෙබ් බ්‍රව්සර් තියෙන්නේ කීපයයිනේ.Google chrom,Firefox වගේ ඒවනේ.ඒ හැම එකක්ම තව එකකින් වෙනස් වෙන්නෙ පොදුවේ කොයි වෙබ් බ්‍රව්සරයෙත් ඇති ගුණාංග වලට වඩා යම යම් විශේෂ ගුණාංග තියෙන නිසා.මේ ප්‍රධාන වෙබ් බ්‍රව්සර්වල යොදා ගන්නා තාක්ෂණයම යොදා ගන්නා නමුත් එහි ඇති ගුණාංග එකක් හෝ කීපයක් තවදුරටත් දියුණු කොට සකසන වෙබ් බ්‍රව්සර් වර්ගද තියෙනව.කූල්නොවෝ(CoolNovo) කියන්නේ ඒ වගේ වෙබ් බ්‍රව්සර් එකක්.HTML5 ක්‍රමලේඛ ඇසුරෙන් ලියූ වෙබ් අඩවි සමග හොදින් ක්‍රියාත්මක වෙන විදියට මේකේ ගුණ වැඩිදියුණු කරලා තියෙන්නෙ.ඒක කරලා තියෙන්නෙ ක්රෝම් වෙබ් බ්‍රව්සර් එකේ කේත සටහන වැඩි දියුණු කිරිමෙන්.මං පහළින් දාලා තියෙන ලිංක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. මේකේ විශේසත්වය තමයි ඕෆ්ලයින්(offline) ක්‍රමයට උනත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් එකයි. ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරන්න ඉන්ටර්නෙට් ඕන නෑ.ඒ වැඩේ ෆට්ටයි නේද... ඒ වගේම මේ බ්‍රව්සර් එකට සම්බන්ධ කරලා ඩුන්ලෝඩ් මැනේජර් වැඩසටහනකුත් තියෙනවා.ඒ නිසා කූල්නොවෝ හරහා යමක් වේගයෙන් ඩවුනලෝඩ් කරගන්න ඕනි නම් ඩව්න්ලෝඩ් මැනේජර් වැඩසටහන ක්‍රියාත්මත කරන්න පුළුවන්.ඒවගේම තමයි මේ බ්‍රව්සර් එකත් එක්ක සම්බන්ධ කර වැඩ කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් ගණනාවක් නොමිලේ ලබා දෙනවා.ඒ කූල්නොවෝ ඇප් සටෝර්(App store) වෙතින්. කූල්නොවෝ වෙබ් අඩවියේ ඉහළින් පෙන්වන ඇප් ස්ටෝර් ටැබ්(tab) එක ක්ලික් කරහම ඒ වෙබ් අඩවියට යන්න පුළුවන්.මේකේ ඇප්ස් රාශියක්ම තියෙනව අපිට අපේ වැඩ පහසු කර ගත හැකි.එහෙනම් ඉතිං බාගෙනම බලන්නකො...





Comments